Monday, November 25, 2024

මන්දාරමේ ❄️

 


හිතේ මළගමට 

නෑවිදින් ඉන්න පුලුවන් ද 

ඔව් ඉතිං දැන් 

මතක බණත් ඉවරයි 

දෝත් පුරවන් 

පන්සලට ගොඩ වුනත් මම 

බලන්න බැරි තරං අදුරුයි මුලු හිතම 

ඉතිං හත් දවසේ දානෙටවත් 

එන්න පුලුවනිද මන්දාරමෙන් 

මම නැතත් මගේ හිතම 

ඉන්න වග දැනෙනවා නේද ?

ළමයෝ..... ✨

 


ළමයෝ ! 

අව්ව කපාගෙන මීදුම මැදින් 

ඔයයි ⁣ලස්සනට පිපෙන්නේ 

ඉතිං ඍතුවක් මොකටද ඔයාට හැඩවෙන්න ......

නන්නාදුරන මලුත් කතා කරනවා

කහ මල 🌼

 

මගේ කහ මල 

ඔයා පිපෙන දිහා මම බලාන හිටියා 

පෙත්තෙන් පෙත්ත රේනුවෙන් රේනුව 

මම ඔයා දිහාම බලාන හිටියා 

රෑ දෙගොඩහරියේ මම ඔයා බලන්න ආවා 

දන්නවද ,සේපාලිකා මල් මට ඔච්චම් කරා 

ඔයා යාන්තමට ඉර එළිය බලද්දි 

ඒත් දන්නවද ....

මම කන්දීගෙන හිටියා එදා 

ඔයා මට කිව්ව දේ මට ඇහුනා 

මට දැනුනා 

.......... .

Monday, November 18, 2024

මටත් වැඩියෙන් දිනන්න.❤️


 ලගින් ඉද ඔබ වෙන්ව යන විට 

එපා තනිකම දැනෙන්න

මගේ මතකෙත් අරන් යන නුඹ

මටත් වැඩියෙන් දිනන්න, 


හීන එකිනෙක බිද දමා නුබ 

මාව අතහැර ගියාට

යළිත් එන්නට හිතුනොතින් හෙට

තියෙනවා ඉඩ රැදෙන්න...

තනිනොතනියට 🕊

 


තනියට තනිරැක්කෙ තනිකමම විතරයි....


කැරොල් ගී... ❤️

  කැරොල් ගීතයේ ඇරඹුම. නත්තලේ සිරි අසිරි මවමින් හුදී ලෝකවාසී ජනයා නත්තල් බැති ගී ගයා නත්තලේ සැබෑ අරුත ඒකාලෝක කරනු ලබයි.ලෝකේ පළමු නත්තල් බැති ...