මේ ආත්මෙට මට මේ හොදටෝම ඇති !
කප්පරක් දුක ඔලුවේ තියාගෙන ගෙවෙන හැම තත්පරයක් ගානෙම ජීවත් වුනා මේ ආත්මෙට දැන් ඇති
හීතල හීගඩු පිපෙන කනාටු හුළගක් මැද
කිසිම ආත්මයක් ලග නැතුව ඔහේ පාට කරන ජීවිතයක් දැන් එකලස් නොවුන හීනයක් වගේ මහාමේරුව ඔලුවේ දරාගෙන ,වැටෙන වැටෙන හැම තැනකදිම නැගිටලා තුවාල උන අත ,පය ,දිහා බලන් හූල්ලලාම දැන් හරි මහන්සියි
මේ ගෙවිලා යන්නේ මුස්පේන්තු වරු
නිනව්වක් නැති කරුණු කාරණා එක පිට එක පපුව පසාරු කරන් යන වරු
මේ සා බරසාර මනුස්ස පරාණයක් මට ආරූඪ වෙලා මොකට පවු පුරෝගන්නවද කියල හිතෙනවා
හිතනවට වඩා අහස පොළොවත් නුහුලනවා
විසාල තැනක
මහා පුංචියට
ගෙවිලා යන්නෙත් ජීවිතයක් නේද කියල හිතෙනවා
මොකටද ඉතිං
එහෙව් හිතකට
ඔය කියන තරමේ බරසාර ලෙංගතුකමක්
මේ හීතලට
එකම එක වතාවක්
මොකක්ද ??
එකම එක වතාවක්
ඒ කටහඩ වත්
අඩුම තරමේ ඒකවත්
නෑ
යා කරන්න බැරි ඉරි යා නොකර ඉන්න
ඔය මායිමෙන් එහාට මම එන්නැ !

1 comment:
❤️❤️❤️❤️
Post a Comment