නෑ ඒක වැරදි නෑ හරි වැඩී....
අවාරයේ සමනලුන් සිරිපා කරුණා කරන්නේ නැත
එලෙසින්ම අකීකරු මලක් විනා කීකරු මලක් ආවාරයේ පිපෙන්නේද නැත
ඉදින් අවාරයේ විකසිත වන මල් සියල්ල අකීකරුමද ....
එකදු සමනලයෙක්ට හෝ ඒ මලක සෙනෙහස විදගැනීමට අයුතු ද....
අනතුරුදායක අවාරයක
අතරමං වූවන් නොසිටිය හැකිද
පත් හැලී ගොස් ගිම්හානයට අත වනන සැටිත්
සරදම් හිනා මැද විකසිත වන සැටිත්
මිනිස්සුන් දත යුතුමය
ඉදින් මේ ප්‍රේමයේ කාර්තුවයි
දොඩමලු වීම් අවැසිම කාර්තුවයි
නෙක රටා මැවෙන අහස යට
ශ්වේත මිහිදුම් පටලයක අගිස්සක
පුලුවනි ප්‍රේමය තබන්න
ම්ම් හරි පරිස්සමට
ශ්වේත සලුවට රහසින් !

1 comment:
ආදරයේ කාර්තුවට ආදරෙන් 🥰😘
Post a Comment