Wednesday, October 9, 2024

🌟 තරුවක්


 හීත හිරිකඩ කාර්තුවේ

පිපුනමුත් මල

සුවද අඩුවක් නම් නොවුණි

මහ ඝණදුරෙන් එළිය ලද

          🥀

           

ලොවක් සුවදවත් කර

පරව යන ඔබ 

තව එක් මලක් වුව

ඔබට ඔබ තවත් එක් 

ලෝකයක්…


පරිපූර්ණ ලොවක් නොව, ඔබ පැතිය යුත්තේ ඔබේ හැගීම්වලට නිදහසේ පැළවිය හැකි බිම් කඩකි. අමාරුම කාර්තුවලත් ජීවිතය අත් නොහරින ඔබට, ආදරණීයම කාර්තුවක් මුණගැසිය යුතුමය. ඔබ දිනන්නේ කවදාද ? එදින අන් කවරදාටත් වඩා සුවිශේෂී දිනයක් වේවි. එදින තෙක් ජීවිතය ඉවසා දරා සිටින ඔබ මේ විශ්වයේ තවත් එක් තරුවක්. අමාවකට 🌙  නැතත් හැමදාම අහස දිදුලන්නේ පුංචි තරු කැට ගොඩකින්…..💫⭐🌠… ඒ විතරක්ද …ඔයාට පුලුවන් රෑ අහසෙ කඩා වැටෙන තරුවක් වෙලා තවත් ජීවිතයකට ආශිර්වාදයක් වෙන්න….. එහෙමත් නැත්නම් ඔයාට පුලුවන් තවත් ජීවිතයකට හරි පාර පෙන්නන්න…

2 comments:

Anonymous said...

වටින අදහසක්.. මෝ⁣ටිවේෂන්.. දිගටම ලියන්න.. තමන් පාරේ යන ගමන් තවත් අයටත් හරි පාර පෙන්නගෙන.. ජිවිතේ තමන්ට අත දිපු කාවවත් අමතක කරන්නෙපා...

Dulanjani said...

❤️🩷🩵🍀

කැරොල් ගී... ❤️

  කැරොල් ගීතයේ ඇරඹුම. නත්තලේ සිරි අසිරි මවමින් හුදී ලෝකවාසී ජනයා නත්තල් බැති ගී ගයා නත්තලේ සැබෑ අරුත ඒකාලෝක කරනු ලබයි.ලෝකේ පළමු නත්තල් බැති ...