ඔබ මුදලින් පොහොසත් නම්, සමාජයෙන් පිළිගන්න තරම් බලයක් තියෙනවනම් ඔබ ඔබෙන් තනි වුවත් සමාජයෙන් නම් තනි නොවනු ඇත. මිනිස්සු හැම මොහොතකම තියෙන මනුස්සයෙක්ගෙ පිටිපස්සෙ වැටිල ඉන්නව මිසක තමන්ගෙ මට්ටමින් පහළ ඉන්න මනුස්සයෙකුට උදව් කරනව හරිම අඩුයි. නමුත් විය යුත්තේ අමාරුවෙන් වෙහෙස මහන්සි වී ජීවිතය ජයගන්න උත්සහ දරන මිනිසුන්ට උදව් කිරීමයි. සත්‍ය වන්නේ දුබලයා මේ ලෝකයේ තනි වෙන්නට ප්‍රථම මුදලින් බලයෙන් සපිරි මිනිසුන් ඉක්මනින්ම තනි වීමයි. මන්ද ඔවුන්ගේ ජීවිතයේ වන එක් අතපසුවීමකින් ඔහු/ ඇය වටා සිටින සියල්ල විසිර යනු ඇත. ඔවුන් වටා සිටින බොහෝ පිරිසක් සිටින්නේ පරපෝෂිතයන් මෙනි. විටෙක ඔවුන් ලොබ බදින්නේ ඔබේ ජනප්‍රිය නාමයටයි. එසේත් නැත්නම් ඔබ සතු බලයටයි. මේ ලෝකයේ මිනිහෙක්ට තවත් මිනිහෙක් නැතිවෙන්නෙත් මේ නිසාමයි. එකිනෙකාට ලොබ බැද දුබලයන් පාගා දමන සමාජයක තවත් එක් පුංචි මිනිසෙකුට අඩියක් හෝ ඉදිරියට යන්නට අත දෙන මිනිසුන් වේ නම්, ඔවුන් නියම මනුෂ්‍යත්වයේ නාමය හොබවනා සත්පුරුෂයන්‍මය…..🧚
තිබෙන කලට වැසි වසිනා මිනිසුන්
හතරවරිගයම හොබවයි නෑයින්…
නැතිවුන කලදි බල මුදලත් සැනෙකින්
සායම සේදි යයි ගංගාවක් විලසින්…
රොක් වුණු සායමෙන් බොරු නළු නිලියන්
වැස්සට සේදි යයි දැන් නිරුවතින්…
කැස්සට පවා කලබල වූ මිනිසුන්
නොදුටුව විලස යයි දැන් විගසින්…
අසුන්දර තුලත් සුන්දර දුටු ඇතැමුන්
අද දෙස් තියයි පය ලිස්සා මැරියන්…
ලෝකෙට පෙනෙන්නට පිරිවර සිටියෙන්
ඇය තනි නොවුනි මේ සුවිසල් ලෝකෙන්…
ඇසිල්ලක් නොගිය තැන පද බැදුණෙන්
ලෝකය හට පිලිලකි මා නුගුණින්…
සිතුවත් මා නොතනි බව පිරිසෙන්
මා තනි වුනේ ලෝකෙන් නොව මාගෙන්…

3 comments:
❤❤
❤️❤️❤️❤️
❤ supper
Post a Comment