අම්මා... ❤️
කුස්සියේ ලිප මුල්ලෙ
නැගෙන දුම් රොටු අතර
ඇගේ අවිහින්සක සිනාව
අළු මතින් නැගී එයි
අදත් එදා වාගේම....
දැලි ඉදුල් කහට රත්
මවයි , දෑත කැටයමකි
දෙපතුලෙහි ඉරි තැලුනු
නියගයකි කාෂ්ටක....
මා හොවා උකුලෙ ඈ
නැළ වූ සැටි කවි ගොතා
අදත් මා සිත් ඉමක
පාරවයි හද පුරා....

2 comments:
ඇත්තටම අම්මා කියන්නෙ හැමදාමත් අපූර්ව තිළිණයක්. මේ සොබාදහම මනුෂ්‍යත්වය තුළ නිර්මාණය කළ අපූර්වම ස්වභාවක්.
අම්මි..❤️🤗🥰
Post a Comment