Wednesday, October 2, 2024

අම්මා... ❤️

 


අම්මා... ❤️


කුස්සියේ ලිප මුල්ලෙ

නැගෙන දුම් රොටු අතර

ඇගේ අවිහින්සක සිනාව

අළු මතින් නැගී එයි

අදත් එදා වාගේම....


දැලි ඉදුල් කහට රත් 

මවයි , දෑත කැටයමකි

දෙපතුලෙහි ඉරි තැලුනු 

නියගයකි කාෂ්ටක....


මා හොවා උකුලෙ ඈ

නැළ වූ සැටි කවි ගොතා

අදත් මා සිත් ඉමක

පාරවයි හද පුරා....

2 comments:

Nimantha said...

ඇත්තටම අම්මා කියන්නෙ හැමදාමත් අපූර්ව තිළිණයක්. මේ සොබාදහම මනුෂ්‍යත්වය තුළ නිර්මාණය කළ අපූර්වම ස්වභාවක්.

Dulanjani said...

අම්මි..❤️🤗🥰

කැරොල් ගී... ❤️

  කැරොල් ගීතයේ ඇරඹුම. නත්තලේ සිරි අසිරි මවමින් හුදී ලෝකවාසී ජනයා නත්තල් බැති ගී ගයා නත්තලේ සැබෑ අරුත ඒකාලෝක කරනු ලබයි.ලෝකේ පළමු නත්තල් බැති ...