Friday, December 20, 2024

දන්නවද ...?

 


ජීවිතේ දවසින් දවස අපි ඉස්සරහින් යද්දි මම තීරනේ කරා ජීවිතේට ඉබාගාතේ යන්න දීලා ටිකක් නවතින්න ...


ඒ නැවතුන සමහර තත්පර වලදි පවා මගේ ඉස්සරහට ජීවිතේ ගැන මහා ලොකු කාරණා අවබෝදවෙන්න ගත්තා 


මේ ගෙවෙන්නේ ප්‍රේමයේ දොරවල් එකින් එක වැහෙන ඇරෙන කාර්තුවක් 

සමහර දොරවල් හිතා මතා වහන්න සිද්ද වුනා මට 


ටික කාලයක් සමහර අයගෙන් මම දුරස් වුණා අපි අතර සංවාද නැත්තටම නැති වුනා 

ඒත් එක තැනකදි ආයෙමත් සංවාද වලට දොර ඇරුණා 

ඒ හැමදේම සිද්ද වුනේ මම ජීවිතේ ට ඉබේ දුවන්න දුන්න තත්පර වල 


මම හරි ලස්සන කතාවක් අල්ලගත්තා 

" නේද බං ඉතිං....සමහර මිනිස්සු අපේ ජීවිත වලට එනවා ,පස්සේ අපිට ඒ මිනිස්සු නැතිව බැරි වෙනවා ,අපි ආදරේ කරනවා ,ඔය අතරෙම

අපි දෙගොල්ලොම සම්බන්දයක් හදාගෙන ආදරේ කරනවා ,කාලයක් යද්දි ඒ සම්බන්දෙ පලුදු වෙනවා ,අර කලිං තිබුණ හැමදේම අපේ ඇස් මානෙම දූවිලි වෙලා අපේම ඇස් වලට වදිනවා,ඉතිං අපි අඩනවා ,

ඉතිං බං හිතපං ....

අපි ආදරේ හොයන ගෑනු,අපි ආදරේ විදින්න ආස ගෑනු ,ජීවිතේට එන මිනිස්සු මුලින් හිස්තැන් පුරවනවා ,පස්සේ දිගින් දිගටම හිස්තැන් හදනවා  ,හිතා මතාම ඒ දේ කරනවා ,ඉතිං අපිට පිට තැනකින් හිස්තැන් පිරවෙන්න ගන්නවා...දැන් මෙතන හරි වැරැද්ද මොකක්ද? බැලු බැල්මට අපේ...මේක ගෑනු පිරිමි දෙගොල්ලටම වෙන දෙයක් ...ඒ මිනිස්සුම මහා ලොකු හිස්තැන් හදලා අපිටම දොස් කියනවා " 


මගේ ජීවිතේ ඇතුලේ මතක හිටින කතාවක් මේක ඇත්ත ! මිනිස්සු හිස්තැන් පුරවනවා වගේම කාලයක් යද්දි මහා ලොකු හිස්තැන් හදනවා .....ඒකෙන් අපේ ජීවිත හිස් වෙනවා ,අපි හරි මුග්ධ මිනිස්සු වෙනවා ඒක බලන් ඉන්න හරි අමාරු දෙයක් ,ඒක විදින්න හරි අමාරු දෙයක්..ඒකෙන් සිද්ද වෙන්නේ කනාටු ගෑනු මිනිස්සු හැදෙන එක ...


එදාට මිනිස්සුන්ට හිතන්න ඕනි කම තිබ්බත් නොහිතා ඉන්න පුරුදු වෙනවා 


මිනිස්සු දේවල් මගහරින්න පටන් ගන්නවා

ආදරේ දැනෙන තැනක් දැක්කත් පිට පාරේ යන්න හදනවා 


ඒකයි ඇත්ත 

ඒකයි මිනිස්සුන්ට නොපෙනෙන ඇත්ත 

මම හිතන් නැ ආය කවදාවත් ඒ දේ තේරුම් අරං අවබෝදෙන් ලංවෙන මනුස්සයෙක් ඉදිවී කියලා ඒම මිනිස්සු වඳ වෙලා ගිහිං


No comments:

කැරොල් ගී... ❤️

  කැරොල් ගීතයේ ඇරඹුම. නත්තලේ සිරි අසිරි මවමින් හුදී ලෝකවාසී ජනයා නත්තල් බැති ගී ගයා නත්තලේ සැබෑ අරුත ඒකාලෝක කරනු ලබයි.ලෝකේ පළමු නත්තල් බැති ...