Friday, December 20, 2024

දිනන්නට....


 දිනන ජීවිත


තාක්ෂණයේ උච්චතම අවස්ථාව කෘතීම බුද්ධිය මගින් රොබෝ මිනිසුන් නිර්මාණය කිරීමයි. මිනිසුන්ගේ පහසුව සලසා දෙන්නට මේ නිර්මාණය බොහෝ ලෙස භාවිතා වේ. රොබෝ මිනිසෙකු සිතන්නේ පතන්නේ කෘතීමවයි. නමුත් ඔබ දන්නවාද, කාර්යබහුලත්වයෙන් දැවෙන මිනිසා අද වන විට රොබෝ මිනිසකු ලෙස කටයුතු කරන වග. මනසෙන් සිතන මිනිසා අද වන විට මූලික ස්ථානය ලබාදී ඇත්තේ මුදල් ඉපැයීමටයි. ආදරය, පවුල, නිදහස හා කලාව කියන දේවල් ඔහුගෙන් මිදී ගොස් ඇත.  ජීවිතයක නිදහසක්, රසයක් නොවන තැන ඔහු කෘතිම ලෙස කටයුතු කරයි. ජීවිතය තියෙන්නේ විඳවන්නට නොව විඳීමටයි. එබැවින් මුදල් ඉපැයීමත් සමගම ඔබ ඔබේ ආදරණීයන්ට ආදරය කරන්න. ඔබ තුළ සැඟව ඇති දක්ෂතාවයන් හඳුනාගෙන කලාවට සමීප වන්න. ඔබ කාටත් ලැබී ඇති මේ වටිනා ජීවිතය පසුතැවීමකින් තොරව නිවැරදිව ගත කරන්න. අර්ථවත් ජීවිතයක් ගොඩනැගෙනුයේ එවිටයි.


No comments:

කැරොල් ගී... ❤️

  කැරොල් ගීතයේ ඇරඹුම. නත්තලේ සිරි අසිරි මවමින් හුදී ලෝකවාසී ජනයා නත්තල් බැති ගී ගයා නත්තලේ සැබෑ අරුත ඒකාලෝක කරනු ලබයි.ලෝකේ පළමු නත්තල් බැති ...