Friday, December 20, 2024

Negative

 


බෑ කියන්නේ නෙගටිව්මද ?


ජීවිතය කටුකයි. ඒත් සුන්දරයි. පුද්ගලයෙකුගේ තත්වය, අවස්ථාව අනුව ඇති හැකියාව විවිධ වේ. කෙසේ නමුත් කුඩා කාලයේ පටන්ම දරුවන් හට උගන්වන්නේ "නෑ", "බෑ" යනාදී වචනයන් සෘණාත්මක බවයි. ජීවිතයේ මෙවැනි වචන භාවිතා නොවේ නම් එය හුදෙක් අනෙකා ගැන සිතා ඔබ කරනා රඟපෑමකි. මන්ද ඕනෑම ජීවිතයක කැමති දේවල් වගේම අකමැති දේවල්ද සිදු වේ. ඔබේ ජීවිතය තුළ ඔබ සිදු කළ යුත්තේ ඔබව සතුටින් තැබිය හැකි දේවල් පමණි. එසේ නොමැතිව ඔබේ අකමැත්තෙන් ඔබ අනෙකාට නිතරම  එකඟ වන්නේ නම් එය මානසික නිදහසේ අවසානය විය හැක. 


බෑ කියනා වචනයෙන් නොහැකියාව ඇඟවුණිද එය නෙගටිව් වන්නේ ඔබේ භාවිතය අනුව වේ. පුද්ගලයෙකුගේ යහපත, නිදහස වෙනුවෙන් යම් දෙයක් ප්‍රතික්ෂේප  කරනවා නම් එය කිසිම විටෙක සෘණාත්මක නොවේ. එය ඔබ පිළිබඳව ඇති වටිනාකම සුරැකීමකි. අනෙකාව සතුටු කිරීමට පෙර ඔබ ඔබේ සතුට සලසා ගත යුතුව ඇත. බෑ කියන වචනය ඔබගේ පැවැත්මට බාධා කරමින් ඉදිරියට නොයන තත්වයකදී භාවිතා කරන්නේ නම් එය සෘණාත්මක තත්වයකි. ඔබ වෙනුවෙන් දේවල් ප්‍රතික්ෂේප  කරමින් බෑ කියන වචනය ධණාත්මකව භාවිතා කරන්නා පාරාජිතයෙකු නොවනු ඇත.



No comments:

කැරොල් ගී... ❤️

  කැරොල් ගීතයේ ඇරඹුම. නත්තලේ සිරි අසිරි මවමින් හුදී ලෝකවාසී ජනයා නත්තල් බැති ගී ගයා නත්තලේ සැබෑ අරුත ඒකාලෝක කරනු ලබයි.ලෝකේ පළමු නත්තල් බැති ...