යන්නට දිවි කතර නිම කර කර පින්නා
දිවි පෙත අතරමං වුනි නින්දක් නැතුවා
දරු නෑසියන් ගැන සිත මා දුක් දෙන්නා
මහමග සැපයි ලය සුසුමින් කර පින්නා
පිළිකුල් කියා විසි කෙරුවත් ගෙබිමෙන් බිමට
විසි නොකෙරුවෙමි කිරි කැටියා අම්මත් නැතිව
රස මසවුලෙන් පිය සෙනෙහෙන් පුතු රැක්කාට
අද තනි රැක්කෙ මහ පාරයි මහළු මට

No comments:
Post a Comment