කලාකාමී මිනිසෙකුගේ හිතක බර
ළොවක් සනසාලන සිත් හරි අපූරුයි. ඔවුන්ගේ සිත් හැමවිටම විචිත්‍රයි. ඔවුන්ට පුළුවන් අලුත් මිනිසෙක් තනනට වගේම නසන්නටත්. සිතක් කියවන්නට වගේම හිතක හැගුම් පුරවන්නටත්. මිනිසා නිතැතින්ම කලාවට හරිම ලැදියි. මිනිසෙකුගේ කලා සිතක් නැතිවෙනවා කියන්නෙම ඉවසා දරාගත නොහැකි පාඩුවක්. වත්මන් සමාජ ක්‍රමයත් සමගම කලාව මිනිසා තුලින් ගිලිහී යන්නට වෙරදරයි. එදිනෙදා මුහුණපාන නොයෙකුත් බාධක හමුවේ නිදහසේ සිතන්නට තරම් මිනිස් සිතකට නිදහසක් නොමැත. නිදහසේ නියම අයිතිය හිමි විය යුත්තේ මිනිස් සිතටයි. අද වන විට නොවන්නේද එයමයි.

No comments:
Post a Comment